සාමය රැකෙන පරිදි කටයුතු කිරීම සියලූ දෙනාගෙන් වගකීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සාමය රැකෙන පරිදි කටයුතු කිරීම සියලූ දෙනාගෙන් වගකීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
තෙල්දෙණිය ප‍්‍රදේශයේ හටගෙන තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ අද (05) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රට තුල ඇති වී තිබෙන තත්ත්වය හමුවේ සියළු පාර්ශ්වයන් බුද්ධියෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.
විවිධ පාර්ශ්වයන්ගේ නොයෙකුත් මත පැවතියත් සන්සුන්ව කටයුතු කිරිමට වග බලාගත යුතු බව ද ඔහු කියා සිටියා.
එමෙන්ම මෙම සිද්ධිය මෙතරම් දුර යාම සම්බන්ධයෙන් සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ද ප්‍රශ්න පැන නගින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *