ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සාහිත්‍යධරයෙකු මෙන්ම ගත් කතුවරයෙකු වූ ඇරැව්වල නන්දිමිත්‍ර  අද අභාවප්‍රාප්ත විය.
මිය යනවිට ඒ මහතා 79 වන වියේ පසු විය.
ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
ඇරැව්වල නන්දිමිත්‍ර මහතා රචනා කළ මල්දෙනියේ සිමියොන්, ගිණි වැනි නව කතා මෙන්ම සුදුකොඩි සහ නංගි වැනි කෙටි කතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය.
හොඳම නව කතාව, හොඳම කෙටි කතාව සඳහා රාජ්‍ය සම්මාන මෙන්ම හොඳම ළමා සාහිත්‍ය, හොඳම යෞවන සාහිත්‍යය සඳහා ද අරැව්වල නන්දිමිත්‍ර මහතා රාජ්‍ය සම්මාන ලබා ගත්තේය.
ඔහුගේ දේහය අද පස්වරුවේ මහරගම, ඇරැව්වල පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිත ය.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *