මුහුණු පොතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට පමණක් සීමාවූ Explore Feed හී වෙනසක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක් මුලකරගනිමින් ෆේස්බුක් විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට Explore Feed සම්බන්දයෙන් කළ අත්හදා බැලීම වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යලි යොමුව තිබෙනවා.
ඒ ෆේස්බුක් විසින් එම අත්හදා බැලීම අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟයි.
මෙම අත්හදා බැලීම සිදුකළේ ශ්‍රී ලංකාව, බොලීවියාව, කාම්බෝජය, ගෝතමාලාව, සර්බියාව, ස්ලෝවේකියාව යන රටවල් අතර වී විශේෂත්වයක්.
මෙහිදී Explore Feed එකෙහි දිස්වන්නේ ෆේස්බුක් ගිණුම හිමිකරු විසින් සිය කැමැත්ත පළකර ඇති ෆේස්බුක් පිටු වල තොරතුරු පමණයි.
මීට පෙර සියලු තොරතුරු ෆේස්බුක් ගිණුම හිමිකරුට සපයනු ලැබුවේ News Feed හරහායි.
මේ වනවිට අනාවරණ වී ඇත්තේ එම නව උපාංගය කෙරෙහි එතරම් සතුටුදායක ප්‍රතිචාර නොලැබී ඇති බවයි.
ඒ අනුවයි ඉදිරියේදී Explore Feed නම් අමතර උපාංගය ඉවත්කිරීම කෙරහි තම විශේෂ අවධානය යොමුව ඇති බවයි ෆේස්බුක් ආයතය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *