සාම්පුර් චෛත්‍ය පිහිටි භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන සංරක්ෂණයට අදාල පියවර ගන්නවා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල

සාම්පුර් චෛත්‍ය පිහිටි භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන සංරක්ෂණයට අදාල පියවර ගන්නවා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල

පසුගිය දා කිසියම් පිරිසක් විසින් විනාශකර දමන ලද සාම්පූර් සූඩයිකුඩා ප්‍රදේශයේ පිහිටි දාගැබ ඇතුලත් ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන සංරක්ෂණයට ඉදිරියේදී පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා පවසනවා.

ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ උතුරු,නැගෙනහිර පුරාවස්තු සංරක්ෂණය කිරීම සදහා විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කර නොතිබු අතර 2015 වසරෙන් පසුව මේ සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අධ්‍යාපන ආමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මතයි.

පසුගියදා කිසියම් පිරිසක් විසින් විනාශ කර තිබු සාම්පූර් දාගැබට අදාල නටඹුන් ද ඉකුත් දා මතුකර ගනු ලැබුවේ එම පුරාවිද්‍යා ගවේෂණය අදාලවයි. එය පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානයක් ලෙස නම් කිරීමට ප්‍රථම කිසියම් කණ්ඩායමක් විසින් මෙම විනාශය කර සිදුකර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කරන්නේ අදාල විනාශයට සම්බන්ධ වූවන්ට එරෙහිව පුරාවිද්‍යා අඥාපනතේ විධි විධානයන්ට යටත්ව උපරිම දඬුවම් හිමිවන බවයි. ඉපැරණි බෞද්ධ උරුමයක් ලෙස හඳුනාගෙන ඇති අදාල දාගැබ පිහිටි ප්‍රදේශය පුරාවස්තු අඥාපනතේ විධිවිධාන අදාලව ඉදිරියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගැනිමටත් එම ප්‍රදේශයේ ඉදිරි කැණීම් කටයුතු සහ සංරක්ෂණය කටයුතු සිදුකිරීමටත් බලාපොරොත්තු වන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ මතුව ඇති තත්වය හා මාධ්‍ය වාර්තා පිලිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින්.

එහිදි අදහස් දැක්වූ අධ්‍යාපන ආමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කිසිදු ජාති භේදයකින් තොරව රටේ අභිමානය සහ පෞරාණිකත්වය විදහා දක්වන අතීත උරුමයන් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම සියලු ශ්‍රී ලාංකීකයන්ගේ වගකීම බව සිහිපත් කළා. දෙලක්ෂ පනස් දහසකට ආසන්න මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම උදෙසාත්, ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් විශේෂ අවධානය යොමු කරන ලෙසද පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතාට මෙහිදි අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. එසේම මේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අපහසුතාවයක් මතුවන අවස්ථාවන්හිදී පුද්ගලිකවම හෝ තමා සමඟ සම්බන්ධ වෙමින් අවශ්‍ය කටයුතු යෙදීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පී.බී.මණ්ඩාවල මහතාට වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නා

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *