මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාතර ව්‍යාපෘතිය මඟින් මාතර දිස්ත්‍රික්කය පුරා විසිරී ඇති බිතුසිතුවම් සංරක්ෂණයට අදාලව විශේෂ ව්‍යාපෘතියක් …….

මාතර දිස්ත්‍රික්කය පුරා අපගේ පෞරාණික උරුමයන් රාශීයක් විසිරී ඇත. එම උරුමයන් අනාගත පරපුරවෙත ලබාදීම වර්මානයේ ජීවත්වන අප සියළු දෙනාගේ වගකීමක් වන අතර, අදාල විෂයභාර අමාත්‍යවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලබාදුන් උපදේයකට අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාතර ව්‍යාපෘතිය මඟින් මාතර දිස්ත්‍රික්කය පුරා  විසිරී ඇති බිතුසිතුවම් සංරක්ෂණයට අදාලව විශේෂ ව්‍යාපෘතියක්  ආරම්භකර ඇත.
මෙම වැඩසටහන් මාලාව මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර ඒ ස්ථාන අතරින් මිරිස්ස රජමහා විහාරයේ බිතුසිතුවම් සංරක්ෂණය සුවිශේෂී වේ. මෙම විහාරයේ ආරම්භය18 වන සියවස දක්වා ඈතට දිවයන අතර මෙම විහාරයේ බුදු ගෙයි ඇඳ ඇති චිත්‍ර මුලින්ම මහනුවර චිත්‍ර සම්ප්‍රදාය අනුගමනය කරන කරනු ලැබ ඇති නමුත් පසුකාලීනව පහතරට බිතු සිතුවම් සම්ප්‍රදායේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස දෙස් විදේස් විශේෂඥයින්ගේ අවදාණයට ලක්වී ඇත. වැලිවිට සංඝරාජ මහා නාහිමියන්ගේ ශීෂ්‍යයකු වූ තිරණාගම හිමියන්ගේ ධර්ම දේශණයක් අසා පැහැදුණ ගම්වැසියෙක්ගේ ආරාධනයෙන් මෙම විහාරස්ථානය ඇතිකර ඇති බවට කරුණු පවති. එසේම මෙම විහාරස්ථානයේ පිළිමගෙය බු.ව. 2468 දී ඉදිකල බවට තොරතුරු එහි මකර තොරණෙහි සඳහන්ව ඇති අතර සිතුවම්ලියවැල්ශ්‍රාවක රූපරැස්වළළු සහිත පිළිම විශාල සංඛ්‍යාවක් දක්නට ඇත.
ඉහත දැක්වූ බිතුසිතුවම් සංරක්ෂණ ව්‍යාපෘතියට අදාලව මෙම විහාරස්ථානයේ පිළිම ගෙයෙහි ඇතුළත බිතුසිතුවම් අධාරකය ශක්තිමත් කිරීමබිතුසිතුවම් වර්ණ ස්ථරය තහවුරු කිරීමබිතුසිතුවම් රසායනිකව හා තාක්ෂණිකව පිරිසිදු කිරීම ආදී කටයුතු මේ වනවිට කඩිනමින් සිදුකරමින් පවතී.
එමෙන්ම මෙම ව්‍යාපෘතියට අදාලව කනංකේ රජමහා විහාරයේ බිතුසිතුවම් සංරක්ෂණයද මේ වන විට ආරම්භ කර ඇත. කනංකේ රජමහ විහාරස්ථානයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා දිවයන අතර මෙම විහාරස්ථානයෙ පැරණි අත්තිවාරමෙන් ඉතා පෞරාණික ගඩොල් හමුවී ඇත. මෙම ගඩොල් වලට සමාන ගඩොල් දෙටුතිස් රජ සමයට අයත් හක්මන උමංගල ගිරිලෙන් විහාරයෙන් හමුවන බව කඹුරුපිටියේ වනරතන හිමි විසින් රචිත මාතර වංශයේ සඳහන් කර ඇත.මෙම විහාරස්ථානයෙන් ශීර්ෂය හා අත්පා විනාශ වු අඩි 3.5 ක් උස අඩි 2.5ක් වටැති පිළිම කොටස් හා ශ්‍රීපාද සටහනක්සඳකඩපහනක් ද හමුවී ඇති අතර ඒ සියල්ල මහජන ප්‍රදර්ශනයට විවෘතකර ඇත. ඉතා පෞරාණික කරුණු ගණනාවකට නෑකම් සපයන මෙම විහාරස්ථානය හා පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන සමඟ සම්බන්ධතා පැවැත්වූ බව පරාක්‍රමබාහු රජුගේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන සන්නසෙහි විහාරයේ විස්තරය ශීලා ස්ථම්භයක කොටා ප්‍රදර් ශනයට තබා ඇත.
ඉතා පෞරාණික සන්සිද්ධීන් සම්භාරයකට හිමිකම් කියන මෙම විහාරස්ථානයේ මෙබඳු සංරක්ෂණයක් සිදුකරනු ලබන්නේ වසර ගණනාවකට පසු වන අතර තවත් ඓතිහාසික සාධක ගණනාවක් මේ ස්ථානයෙන් හමුවී සංරක්ෂණයට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන ඇත

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *