“ විපක්ෂයේ ඇතැම් පිරිස් කොරහේ කිඹුලන් දකින න්‍යාය අනුගමනය කරමින් සිටිනවා ” – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

වත්මන් විපක්ෂය කොරහේ කිඹුලන් දකින න්‍යාය අනුගමනය කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අයවැය තුළින් රජය කෙතරම් සහන සැලසුව ද විපක්ෂයේ ඇතැම් පිරිස් සිය දේශපාලන වාසි උදෙසා එහි දුර්වලතා පමණක් ඉස්මතු කරමින් සිටින බවයි.
මෙවර අයවැයෙන් රටේ සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලිය ස`දහා විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කොට ඇති බවත් සිය අමාත්‍යාංශය වෙත ලැබෙන මුදල් උපරිම ප‍්‍රතිශතයකින් යුතුව අදාළ ක‍්‍රියාවලීන් ස`දහා යොදවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.
එමෙන්ම සාධාරණ ලෙස හෝ අසාධාරණ ලෙස රජය විවේචනය කිරිමේ නිදහස පවා සෑම මාධ්‍යයකට ම හිමිවන අයුරින් වත්මන් රජය රටේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට සමත් වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
පසුගිය දා කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් ප‍්‍රකාශ කළා.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *