ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් යෝජනා තුනක්

ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් හා මන්ත‍්‍රීවරුන්ගේ හමුව සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් යෝජනා තුනක් එවා තිබේ.
ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් විසින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.
ඇතැම් පළාත් පාලන ආයතන සදහා එක්ව තරග කිරීම තවත් ආයතන සදහා වෙන්ව තරග කිරීම ඉන් පළමු යෝජනාවයි.
පොදුජන එක්සත් පෙරමුණු පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කර එක් ලයිස්තුවකින් තරග කිරීම දෙවන යෝජනාවයි.
තුන්වැනි යෝජනාව වී ඇත්තේ දෙපාර්ශවයම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය යටතේ තරග කිරීමයි.
මෙම යෝජනා සම්බන්ධයෙන් ඒකාබද්දයේ පක්‍ෂ නායකයන් පක්‍ෂව හා විපක්‍ෂව අදහස් පල කර ඇති අතර අවසානයේ ශ‍්‍රීලනිපය විසින් එම යෝජනා ලිඛිතව ඉදිරිපත් කල යුතු යයි තීරණයකට එළැඹ ඇත.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *