අමාත්‍ය රවි කරුණානායක මහතා නීතිය ඉදිරියේ වරදකරු වන තෙක් අමාත්‍යවරයා රැකගැනීමට පෙනී සිටිනවා-කබීර් හෂීම්

අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් අමාත්‍යවරයා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙනීසිටින බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
අමාත්‍ය රවි කරුණානායක මහතාට එල්ල වී තිබෙන්නේ චෝදනාවක් පමණක් බවත්, නීතිය ඉදිරියේ වරදක් කර තිබේද යන්න තහවුරු වන තෙක් අමාත්‍යවරයා රැකගැනීමට පෙනී සිටින බවත් අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *