එක් දිනකදී පමණක් ඩෙංගු රෝගීන් 35 දෙනකුගේ මරණ ලියාපදිංචි කළ බව ද අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සියලු ග්‍රාමීය රෝහල්වලට යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ප්‍රධාන රෝහල්වල පවතින ඩෙංගු උණ රෝගීන්ගේ තදබදය අඩු කර ගැනීමේ අරමුණෙන් එම ක්‍රියාමාර්ගය ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවැසුවේය.
ඩෙංගු රෝගීන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා සියලු රෝහල්වල බාහිර රෝගී අංශවල රුධිර පරීක්ෂාව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි ද පැය භාගයක් තුළදි රුධිර වාර්තා ලබා ගත හැකි යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
සියයට 42 ක් ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාත තුළින් වාර්තා වන අතර තමා ජීවත් වන අවට පරිසරය මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසිදුව පවත්වා ගැනීමෙන් රෝගය වළක්වා ගත හැකි බව ද ඒ මහතා පැවැසුවේය.
කොළඹ ජාතික රෝහලේ මරණ ලියාපදිංචි කරන ස්ථානයේදි පසුගියදා එක් දිනකදී පමණක් ඩෙංගු රෝගීන් 35 දෙනකුගේ මරණ ලියාපදිංචි කළ බව ද අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
උණ රෝගය වැළඳී දින පහ හයක් ගත වන තෙක් ප්‍රතිකාර නොකර හෝ උණ රෝගයට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ භාවිතා කිරීම නිසා මේ මරණ සිදු වී ඇතැයි ද මරණ වළක්වා ගැනීමට නම් උණ රෝගය වැළඳී දින දෙකක් ගත වන විට ඩෙංගු රුධිර පරීක්ෂාවක් සිදු කර සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය යැයි ද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසුවේය.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *