බෞද්ධ විරෝධී වැඩසටහන්වලට එරෙහිව ත්‍රෛයිනිකායික සංඝ සභා සියල්ල එක්ව කටයුතු කරනු ඇති-පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්

බෞද්ධ විරෝධී වැඩසටහන්වලට එරෙහිව ත්‍රෛයිනිකායික සංඝ සභා සියල්ල ඉදිරියේදී එක්ව කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. 
තවද වත්මන් රජය පක්ෂග්‍රාහී ආකාරයෙන් කටයුතු නොකල යුතු බව ද රජයට දැනුම් දීමට එහිදී තීරණය වූ බව වැඩිදුරටත් කරුණු දක්වන ඒහිමියන් ප්‍රකාශ කල අතර. 
භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතමුන් දරණ උත්සහයන් හෙළා දකිමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ඊයේ නිවේදනයක් නිකුත් අවස්ථාවෙදී අදහස් දක්වමින් මෙම අදහස් ප්‍රකශ කළා. 
රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව රැස්වී ඊයේ සිදු කළ සාකච්ඡාවකින් පසු අදාල නිවේදනය නිකුත් කෙරුණා. 

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *