අභිරහස් ලෙස මියගිය ක්‍රිතිකා චෞද්‍රි මළ සිරුර නිවසින් හමුවේ


23 හැවිරිදි ක්‍රිතිකා චෞද්‍රි නමැති බොලිවුඩ් නිළියකගේ මළසිරුරක් ඉන්දියාවේ මුම්බායිහි
සුබුර්බන් අන්දීරිහි ඇගේ නිවසේදී හමුවී තිබේ. අධික දුර්ගන්ධයක් පවතින බවට අසල්වාසීන්ගේ 
පැමිණිල්ල මත පොලිසිය විසින් ඇය වාසය කළ නිවසේ දොරගුළු කඩා විවර කර බැලීමේදී සිරුර ඊයේ (12) හමුවී තිබේ.
මෙය ඝාතනයක් වියහැකි බවට පොලීසිය සැක කරනඅතර ඝාතනය සිදුවී දින තුනක් හෝ හතරක් ගතව ඇති බවද සැක කරයි.

ඇගේ සිරුරේ හිස ආසන්නයේ ලේ ගලාගිය සලකුණු තිබුණ අතර සිරුර හමුවූ කාමරය පිටතින් අගුළු දමා ගොස් තිබුණ බවත් කාමරයේ වායු සමීකරණය දින ගණනාවක් තිස්සේ එකදිගට ක්‍රියාත්මක වෙමින් පැවති අයුරුත් හඳුනාගෙන ඇත.
ඇගේ දුරකථනය පොලිසියට හමුවූ අතර එය අගුළු සහිත වූයෙන් දුරකථනය ගැන පරීක්ෂණ සිදු කිරීමට තාක්ෂණික උපකාර ගතයුතු බව පොලිසිය දන්වා ඇත. අම්බෝලි පොලිසිය පවසන්නේ තවමත් මිනීමරුවා හඳුනාගෙන නොමැති බව ය.
ක්‍රිතිකා චෞද්‍රි, හරිද්වාර්හි සිට පැමිණ රංගන වෘත්තීයේ නිරත වූ අතර වාසය කළේ මහල් නිවාසයක තනිවමය.
 මෑතකදී කන්ගනා රනෝත් සමග රඟපෑ ‘රජ්ජෝ’ නිසා ඇය ගැන කථාබහක් ඇතිව තිබුණි.


admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *